Link කියන වචනයට එක එක අය එක එක වචන භාවිතා කරනවා...
සබැඳිය, යොමුව, ලින්කුව..... වගේ නොයෙකුත් ඒවා..........
ඒත් මොකක්ද මේකට සුදුසුම සිංහල වචනය??? :-??
ඈඳිය කියලා වචනයකුත් මෙන්න මෙතන කතා කරලා තිබුණා.......
https://groups.google.com/forum/#!topic/helaheliya/53KwZyyGc6g
ඇත්තටම මොකක්ද හරි වචනය? :-/
පුළුවන් තරම් ඉක්මණට මේකට උත්තරයක් හොයාගන්න ඕනේ........... :((

ආයුබෝවන්,
බොහෝ දෙනා link යන්නට සබැඳිය, ඈඳිය සහ යොමුව වැනි වදන් සියල්ල ම යොදන බව
පෙනේ. ඒ නිසා, ඒවායේ ඇති වෙනස හඳුනා ගැනීම වැදගති.
අප මේ වදන් ගැන මෙහි කියන්නේ ඒවා විබෙහි යෙදෙන අයුර නිසා, ඉංගිරිසි වදන
සමග සැසඳීමෙහි වරදක් නැත.
Link යනු යමක් තවත් යමකට ඈඳීම යි. එබැවින්, එයට ඈඳිය, ඈඳයි වැනි පද ගැලපේ.
සබැඳිය යනු සම්බන්ධය හඟවන වදනකි. "සබඳ" යන්න මිතුරෙකු හැඟවීමට ද යෙදේ.
නමුත් ඈඳන්නේ මිතුරු විබ පල පමණක් නොවන නිසා, "සබඳ" යන්න මෙහි යෙදීම
සුදුසු නො වේ.
"යොමුව" යනු යමක් යොමු කළ යුතු තැනයි. එය address යන්නට ගැලපේ. එහි
ක්‍රියා පදය ලෙස "යොමයි" යන්න ලැබේ.
නිදසුන්:
- මගේ විබ පළෙන් හෙළ හෙළියට ඈඳුවා. (ඉංගිරිසි: I linked to Hela Heliya
from my web site.)
- මගේ විබ පළෙහි යොමුව මෙන්න: ... (ඉංගිරිසි: Here is the address of my
web site: ...)
අනුරාධ
--
http://www.sayura.net/anuradha/
ඇත්තටම මොකක්ද හරි වචනය? :-/
පුළුවන් තරම් ඉක්මණට මේකට උත්තරයක් හොයාගන්න ඕනේ........... :((