ඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්.මරුසිරා.කොම් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ගනුදෙනුකරුවන් වූ තරුණයන්ට මෘදුකාංග හා පිවිසුම් කේත විකිණූ බව කියන පරිගණක හැකරෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සංගප්පුලි මහතා විසින් මැයි දෙවැනිදා වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.
යුද හමුදා බුද්ධි අංශය මගිනක් පසුගිය මාර්තු තුන් වැනිදා රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මහනුවමර ධර්මාශෝක මාවතේ ගයාන් රෝෂාන්ත සිල්වා අප්‍රේල් 29 වැනිදා එසේ අත්අඩංගුට ගත් බවත්, ඔහු මෘදුකාංග හා පිවිසුම් කේත තම ලියා පදිංචි ගනුදෙණුකරුවනට විකුණා ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
අනුන්ගේ වෙබ් අඩවිවලට හොරෙන් ඇතුළු වීම සඳහා අවශ්‍ය මෘදුකාංග සැපයූ ඔහු ඒ සඳහා උපදෙස් දී ඇතැයි ද උසාවියේදි කියැවිණි.
නීතිවිරෝධි ලෙස අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවායේ දත්ත මකා ඇති බව ද පොලීසිය උසාවියට දැන්වීය.
පරිගණක භාෂාවෙන් එය ‘හැකර්‘ ක්‍රියාවකි. එසේ හැකර් කැරුණු හෙවත් දත්ත මකා දැමුණු වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණ පැවැත්වෙන බනත්, විනාශයේ හා අපරාධයේ ස්වභාවය ගැන පරීක්ෂණ පැවැත්වෙන බවත් රහස් පොලීසිය උසාවියට දැන්වීය.

බංගලි අපේ සයිට් හැක්කරද්දි රටවෙනුවෙන් ගේමට ආවේ මු විතරයි,උපුටා ගැනීම..ලංකාදීප පුවත්පත