Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

**සියලු Geek වරුන් වෙත **

$
0
0
සැබෑ ගීක් මිතුරනි, දැනට දින කිහිපය සිට මේ අඩවිය වැනසීමට, අප අතර ඇති මිත්‍රත්වය පලුදු කිරීමට, යම්කිසි පිරිසක් උත්සහ ගනිමින් සිටින බව ඔබ දැනටමත් දන්නවා ඇති. මොවුන් යම්කිසි මානසික ව්‍යාධියකින් පෙලෙන්නෙන් වන බැවින් ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමෙන් වලකින්න, යම්කිසි කෙනෙක් වැරදි දෙයක් සදහන් කර ඇත්නම් එය නොදක්කසේ සලකමින් ඔවුන්ගැන පැමිණිලි කරන්න, ඔවුන්ට ප්‍රතිචාර දැක්වීමට යාමෙන් ඔවුන්ගේ අරමුණ ඉටුවන අතර නියම ගීක් වරුන්ගේ නමට හානියක් මෙන්ම හිත නරක්වීම් වලට ලක්වේ.
මෙවන් අනවශ්‍ය කමෙන්ටුවක් හෝ සාකච්චාවක් ප්‍රතිචාරයක් දුටුවිට එම නාමය මත click කර එම පුද්ගලයාගේ ඇතුල්වූ දිනය, ලබා ඇති geek ලකුණු ප්‍රමාණය වැනි තොරතුරු බලා ප්‍රතිචාර දැක්විය හැකියි නේද.?
මා ගීක් තුල සති කිහිපයක කෙටි නිහදතාවයකට යන්න සිදුවී ඇති බැවින් ඔබව දැනුවත් කර මෙවන් ඉල්ලීමක් කලේ ඉදිරියටත් අපිට geek එක ඕන නිසයි.
හැකියාවක් ඇති කෙනෙක් වේනම් මොවුන් ගැන තොරතුරක් ඇත්නම් slcert වෙත දැනුම් දෙන්න බලන්න.
මෙවන් පාහර වැඩකරන තිරිසනුන් ගීක් තුලින් වගේම මහා වෙබ්අවකාශයෙන්ම තුරන් වෙත්වා...!!
අපේ නියම ගීක් මිතුරන් අවබෝධයෙන් ක්‍රියා කරන්න, මෙවන් තිරිසනුන් නිසා යම් හෙයකින්වත් geek හැර නොයන්න.. මන්ද එසේකරහොත් දිනන්නේ ඔවුන් වන නිසා.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>