අනේ යාලුවනේ මම මෙක ඇහුව කියල මෝඩයෙක් කියල නම් හිතන්න එපා. මට පොඩි ලෙඩක් තියෙනව කියල මට හිතෙනවා. මොකද්ද දන්නවද මම සෙනග ගැවසෙන තැනක ඉන්නකොට මට අනිත් මනුස්සයා දිහා බැලවෙනවා. බැලවෙනව කියන්නෙ බැලවෙන්නෙ හොරෙන්. එතකොට ඒ මනුස්සයා මම ගැන මොනව හිතනවද. මම කොච්චර නොබල ඉන්න හැදුවත් දෙපැත්තෙ ඉන්න අය දිහා තාමා බැලවෙන්නෙ. මම ඒ වුනාට බලන් ඉන්නෙ ඉස්සරහ. උදාහරණයක් විදයට බස් එකක පිටිපස්සෙ සීට් එකේ මැද යනව කියන්නකෝ එතකොට මට දෙපැත්තෙ අයට තමා අවධානය යන්නෙ. මට මෙක සමාජයේ ජීවත් වෙනකොට ලොකු ගැටලුවක්. ඒ වගේම සමාජයෙන් කොන් වෙනවා. අනේ ඔයගොල්ලො මං ගැන මොනවත් වැරදි විදියට හිතන් නැතුව මෙක විසදගන්න උදව් කරන්න. ඔගොල්ලන්ට හැගෙන දේ කියන්න.
↧