ඔඩෙස්ක් වල පොලුකාරයෝ ඉන්නවා කියලා ගොඩක් අය කියනවනේ. ඔඩෙස්ක් වල විතරක් නෙමෙයි හැමතැනම පොලුකාරයෝ ඉන්නවා. '' කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල කියන්නේ ඕකට තමා '' . හැබැයි ඔඩෙස්ක් වල ඉන්න පොලුකාරයන්ගෙන් බේරෙන්න ක්‍රම සහ විධි තියෙනවා.
1. නිතරම Newest ජොබ් වලටම ඇප්ලයි කරන්න.
![image]()
ඔඩෙස්ක් වල හැම මොහොතකදිම වගේ අලුත් ජොබ් වැටෙනවා. ඉතින් අපි මේ ජොබ් එකකට ඇප්ලයි කරලා දවස් දවස් 2 ක් 3 ක් වගේ යනකොට අපිව Hire නොකර , තවත් දවස් 6 කට 7 කට පස්සේ වැඩේ කරලා දෙන්න කියලා ''ඔලුව අතගාලා ටොකු අනින '' විදියේ මැසේජ් එවනවනම්, අන්න පොලුකාරයෙක්.
2. ගෙවීම් සහතික කෙරෙන Hourly ජොබ් වලට වැඩි වැඩියෙන් ඇප්ලයි කරන්න.
![image]()
ඔඩෙස්ක් වල ජොබ් වර්ග 2 ක් තියෙනවා. එකක් Hourly ජොබ්. අනික Fixed Price ජොබ්. මේ Hourly ජොබ් වල මුදල් ගෙවීම් සම්බන්ධයෙන් ඔඩෙස්ක් වග කියනවා. ඒ කියන්නේ Hourly වල අනිවා අපට සල්ලි ලැබෙනවා. නමුත් Fixed Price සම්බන්ධයෙන් එහෙම නෑ. ඔඩෙස්ක් කිසිම වෙලාවක Fixed Price වල මුදල් ගෙවීම් සම්බන්ධයෙන් වග කියන්නේ නෑ. ඒ කියන්නේ පොලුකාරයෝ වැඩිපුර ගැවසෙන්නේ Fixed Price ජොබ් වල.
3. නංගි පෙන්නලා අක්කා දෙන Job Description දෙපාරක් කියවන්න.
![image]()
ඔඩෙස්ක් වලදි අපි ඇප්ලයි කරන ජොබ් එකට අදාළව තියෙන විස්තරය කියවනකොට කුණු කොල්ලෙට වැඩේ කර ගන්න හදන පාටක් වගේ තියෙනවනම් , අනිවා පට්ට ලෝබයෙක් නැත්නම් පොලුකාරයෙක්.
4. ඩොලර් පිපාසයෙන් තොල කට වේලිලා දගලන අය ගැනත් හොයන්න.
![image]()
ඔක්කොටම කලින් අපි ඇප්ලයි කරන්න යන ජොබ් එකට දැනට කී දෙනක් ඇප්ලයි කරලා තියෙනවද කියලා බලන්න. ඒ අය අතරින් වැඩි දෙනෙක් අපි ඇප්ලයි කරන මොහොතෙත් ඉන්නේ Interview තත්වයේ නම් , ජොබ් එක පෝස්ට් කරපු එකා සෑහෙන්න පොත දාන්න දන්න එකෙක් . ඌ එකම වැඩේ 7 , 8 දෙනෙකුට කියලා කරවගෙන උන්ව හෙම්බත් කරවලා අන්තිමට සල්ලි ගෙවන්නේත් නැතුව මග අරින පොලුකාරයෙක්.
5. වැඩේට බහින්න කලින් හාම්පුතාලගේ පර්ස් එකට රිංගන්න.
![image]()
ඔඩෙස්ක් වල එක එක චරිත කොච්චර ජොබ් පෝස්ට් කරත් ඇත්තටම අපිට ගෙවන්න සල්ලි ඒ අයට තියෙනවද කියලා හරියට දැනගෙන මිසක් , ඒ ජොබ් වලට ඇප්ලයි කරන එක කිසිම තේරුමක් නෑ. Payment Method වෙරිෆයි කරලා නැත්නම්, ඌ පොලුකාරයෙක් මිසක් සල්ලිකාරයෙන් නම් නෙමෙයි.
6. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැති Feedback කතා ගැනත් බලන්න.
![image]()
'' කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙනවා '' කියලා කතාවකුත් තියෙන එකේ , එහෙන් මෙහෙන් ඇහෙන කතා වලින් කවුද පොලුකාරයෝ , කවුද වැඩකාරයෝ කියන එකත් ටක්කෙටම දැනගෙන වැඩේට බහින එක තමයි හොද. ඒක කෝකටත් ඇගට ගුණයි. :-SS b-( ;)