Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

joomla ප්‍රශ්නයක් - ලොකු උදව්වක්!!!

$
0
0
ගීක් යාළුවනේ,
මට මේ උදව්ව කරන්න පුළුවන් නම් ලොකු දෙයක්..
අපේ office එකේ website එක (government site එකක්) joomla වලින් තියෙන්නේ..
දැන් ඒක මට භාරදීලා කරන් යන්න, ඒත් මට ඒක කරන්න ඒ හැටි දැනුමක් නෑ. මං web site ගැන නම් දන්නෙම නැති තරම්..

ඒක හින්දා මට දැන් ඕනා උදව්ව මේකයි,
මං වීඩියො ටිකක් බැලුවත් ඒකත් හරි කම්මැලියි, අපැහැදිලි..
ලොකුම ප්‍රශ්නය තමා, government site එකක් හින්දා log වෙන්න පුළුවන් government network (lgn) එකෙන් විතරයි..ඒ කියන්නේ මට ගෙදර ඉදන් ඒක update කරන්න බෑ..ගෙදර ඉදන් කරන්න පුළුවන් නම් කොහොමහරි tutorials බල බල හරි කරන්න තිබුණා...ඔෆිස් එකේ එහෙම බල බල කරන්න පුළුවන් පරිසරයක් නෑ..

ඉතින් මට දැන් ඕනා කරන්නේ, ජූම්ලා site එකක වැඩකරන අත්දැකීම ගෙදර ඉදන් ගන්න..( තේරුනාද මන්දා)
:( :( ඒ කියන්නේ ඇත්තටම ඒ විදිහට වැඩ කරලා ඉගෙන ගෙන අපේ ඔෆිස් එකේ සයිට් ‍එක හොදින් පවත්වගෙන යන්න ..

ඉතින්..එහෙම අත්හදාබැලීම් කරන්න පුළුවන් විදිහෙ තැනක්, පහසුකමක් internet එකේ තියනවද??
එහෙම කරලම අත්දැකීමෙන්ම යමක් ඉගෙනගන්න පුළුවන් සයිට් එකක් ගැන දන්නවනම් කියන්න..ඒක මට ලොකුම උදවවක් ඇත්තටම...

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>