Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

මූලික පරිගණක දැනුම පමණක් භාවිතයෙන් සම්පූර්ණ වෙබ් අඩවියක් නිර්මාණය කිරීම

$
0
0
වර්තමානයේ වෙබ් අඩවි නිර්මාණය කියන්නේ ගොඩාක් සාමාන්‍ය දෙයක්. වෙබ් අඩවි නිර්මාණයට යොමු වෙන අයට විවිධ දේ කියමින් බය කරනවා මම ගොඩක් වෙලාවට දැකලා තියෙනවා. මම වෙබ් අඩවි නිර්මාණ කටයුතු ආරම්භ කලේ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියෙන් වුණත්, වැඩි දෙනෙක්ගේ පහසුව සදහා වින්ඩෝස් මෙහෙයුම් පද්ධතිය සදහා ඇති Adobe Dreamweaver සහ Adobe Photoshop යන මෘදුකාංග දෙක පමණක් භාවිතා කරමින් පහසුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරන ආකාරය සරල සිංහල වීඩියෝ වලින් පහල දක්වලා තියෙනවා.

වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සැලසුම සකස් කරන තැන සිට වෙබ් අඩවිය නොමිලේ අන්තර්ජාලයට එකතු කරන තැනට යනතෙක් සියලූම දේවල් මෙහි අඩංගු වෙලා තියෙනවා. මම ඉගෙන ගන්නා කාලෙ තිබුණු ගැටලු අනුව මෙම විඩියෝ මාලාව නිර්මාණය කර ඇති නිසා ආධුනික ඔබට පහසුවෙන් නිර්මාන කටයුතු කරගෙන යන්න පුලුවන් වෙයි.

මෙම වීඩියෝ නරඹන අතරතුරම ඔබත් වෙබ් අඩවියක් නිර්මාණය කරනවානම් ඉක්මණින් තේරුම් ගන්න පුලුවන් වෙයි. ඔනෑම ආධුනිකයෙක් වෙබ් නිර්මාණ කරයුතු් ආරම්භ කරන්නේ තමන්ගෙම පෞද්ගලිනක් වෙබ් අඩවිය නිර්මාණය කිරීමෙන්.

geek.lk කියන්නේ අලුත් දේ නිර්මාණය කරන්න කැමති ඉගෙනගන්න කැමති අය සදහාම වෙන් වූ වෙබ් අඩවියක්. ඔයාට මෙ පිලිබදව තියෙන ගැටලු වෙබ් අඩවියේ ඉන්න අනෙකුත් දක්ෂ ගීක්ලත් එක්ක සාකච්ඡා කරන්න ඔයාට පුලුවන්. ඉක්මණින් දකුණුපැත්ත තියෙන බට්න් එක ක්ලික් කරග ගීක් කෙනෙක් වෙලා අනෙත් ගීක් ලත් එක්ක එකතු වෙන්න.


1. පෞද්ගලික වෙබ් අඩවියක් නිර්මාණය කිරීමට සැලසුමක් සකස් කිරීම

2. එකිනෙක් වෙබ් පිටු නිවැරදිව සහ නිර්මාණයට පහසුවෙන පරිදි සැලසුම් කිරීම

3. වෙබ් අඩවිය නිර්මාණය සදහා පළමු පියවර තැබීම

4. වෙබ් අඩවියේ අලංකාරයට සහ අනන්‍යතාවය සදහා photoshop භාවිතයෙන් header banner එකක් නිර්මාණය

5. වෙබ් අඩවිය සදහා අලංකාර buttons නිර්මාණය කිරීම

6. වෙබ් අඩවියේ පළමු පිටුව සම්පූර්ණයෙන්ම සාදා අවසන් කිරීම

7. වෙබ් අඩවියේ දෙවැනි පිටුව සම්පූර්ණයෙන් නිර්මාණය කර අවසන් කිරීම

8. වෙබ් අඩවිය සදහා අලංකාර පිංතූර එකතුවක් (image gallary) නිර්මාණය කිරීම

9. වෙබ් අඩවියේ නිර්මාණ කටයුතු අවසන් කිරීම

10. නොමිලේ domain name එකක් ගෙන වෙබ් අඩවිය නොමිලේම අන්තර්ජාලයට එකතු කිරීම

11. මෘදුකාගං භාවිතයෙන් වෙබ් අඩවියේ කොටස් අන්තර්ජාලයට මුදාහැරීම

12. නිර්මාණ කටයුතු අවසන් වූ වෙබ් අඩවියේ ලස්සන බැලීම

ඔබට ඇති ගැටලු දකුණුපස ඉහල ඇති සාකච්ඡාවක් ආරම්භ කරන්න යන බොත්තම භාවිතයේන වෙනමම සාකච්ඡාවක් ලෙසින් ආරම්භ කරන්න.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>