Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

geek.lk වෙබ් අඩවියට අදහසක්

$
0
0
ගීක්ස්ලා කිව්වම එකඑක ක්‍ෂේත්‍රවල අය ඉන්නවා. කලා ක්‍ෂේත්‍රයේ පවා ගීක්ස්ල ඉන්නවා. පරිගණක තාක්‍ෂණ ක්‍ෂේත්‍රය ගත්තත් ඒකෙ අනුක්‍ෂේත්‍ර ගණනාවක් තියෙනවා. වෙබ් සයිඩ් එකේ කට්ටියක් ඉන්නකොට තවත් කට්ටියක් නෙට්වර්කින් සයිඩ් එකේ ගීක්ස්ලා. ප්‍රෝග්‍රැමින් ගත්තහම හයිලෙවල් ප්‍රෝග්‍රැමර්ස්ල සහ ලෝලෙවල් ප්‍රෝග්‍රාමර්ස්ල: කට්ටියක් GUI පැත්තට බරයි, කට්ටියක් Console පැත්තෙ. හයිලෙවල් කට්ටියගත්තත් C, C++, Java, .Net, Python, Perl විදිහට වෙන්වෙලා. ග්‍රැෆික්, ඕඩියෝ, වීඩියෝ වගේ අනුක්‍ෂේත්‍රගත්තත් ඒවා තවත් උප‍ක්‍ෂේතු වලට බෙදිලා. ඕඩියෝ සයිඩ් එක ගත්තහම කට්ටියක් මියුසික් කොම්පෝසින් වලට ඉන්ටරස්ට් වෙනකොට තවත් කට්ටියක් ඕඩියෝ මැනිපියුලේෂන් පැත්තෙ. එතනින් මියුසික් කොම්පෝසින් පැත්ත බලපුවාම කට්ටියක් වෝකල්ස් පැත්තට, තවත් කට්ටියක් ඉන්ස්ටෘමන්ට්ස්, තවත් කට්ටියක් බීට්ස්. මේවගේ බලපුවාම ගීක්ස්ල ගොඩහරියක් ඉන්නෙ තමතමන්ගෙ ක්‍ෂේත්‍රවල තනිවෙලා.

මේ හේතු නිසා හැම ගීක් කෙනෙකුටම තියෙන්නෙ එකම දක්ෂතාව, පලපුරුද්ද නෙවේ. ඒ ඒ අයට උදවු කරන්ඩ පුළුවන් ෆීල්ඩ් එකක්(නැත්නම් කීපයක්) තියෙනවා.

මේ තත්වෙ වෙනසක් කරන්ඩ ඕනනම් ඒ ඒ ක්‍ෂේත්‍රවල ඇතුලත කට්ටිය එකතු කරන්ඩ වැඩපිළිවෙලක් තියෙන්ඩ ඕන. සියලුම ගීක්ස්ල එක ගෘප් එකක් වගෙ ඉන්න අතරම ඒ ඒ ක්‍ෂේත්‍රයන්ගේ ගීක්ස්ලට ඒකරාශි වෙන්ඩ අවකාශ සලසන්ඩ පුළුවන් නම් Geek.lk වඩාත් සාර්ථක සමාජයක් බවට පත්වේවි.

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>