Quantcast
Channel: Recent Discussions - Geek.lk
Viewing all articles
Browse latest Browse all 10288

මොකක්ද මේ SONAR කියන්නේ....

$
0
0
ආයුබෝවන් යාලුවනේ දැන් මම කියන්න ගොඩක් විශේෂිත දෙයක්.. කියවලා බලන්නකෝ මොකක්ද කියලා....

image

අහලා තියෙනවද සෝනාර් හෙවත් Sound Navigation and Ranging කියන්නේ මොකක්ද කියලා අද ඒ ගැන පොඩි විස්තරයක් කියන්නයි අවේ... ඔන්න එහෙනම් එක..

මොකක්ද මේ සෝනාර් කියන්නේ. ?

සෝනාර් හෙවත් Sound Navigation and Ranging යනු ශබ්දය උපයෝගී කරගෙන මුහුදු පතුලත තොරතුරු ගවේසනය කිරීමයි.. සෝනාර් යන නම සකස් වී ඇත්තේ Sound Navigation and Ranging ලෙසිනි..
ජලය තුල ශබ්දයේ වේගය තප්පරයට ආදී 4800 වේ. නැත්නම් තප්පරයට මීටර 1400 කි..වාතය තුල ශබ්දය ගමන් කරනවට වඩා සිව් ගුණයක වේගයෙන් ජලයේදී සබ්දය ගමන් කරයි.. ජලය තුල ශබ්දය ගමන් කිරීමේ වේගය පවතින්නේ එහි උෂ්ණත්වය මතය.. උෂ්ණත්වය වැඩි වන විට ශබ්දය වේගයෙන් ගමන් කරයි..

කොහොමද සෝනාර් ක්‍රියාත්මක වන්නේ ?

කිසියම් උපකරණයක් ආදරයෙන් මුහුද තුලට ධ්වනියක් ඇති කිරීමෙන් සෝනාර් සිදු කරයි.. මේ ධ්වනිය අතිධ්වනියකි(Ultrasound). ධ්වනිය ගමන් ගන්න ආකාරය යන්ත්‍රානුසාරයෙන් මන බලේ.ධ්වනි තරඟයේ උස පහත වීම් අනුව හා ශබ්ද තරංග පරාවර්තනය වූ අනුව මුහුදු පතුලේ ස්වභාවය ගැන තීරණයකට එලබිය ගැකිය.. මෙමගින් මුහුදු පතුල සිතිගම් ගත කල හැකි වේ.. එමෙන්ම මුහුදු පතුල් වල තිබෙන ගිනි කදු ගැනද තොරතුරු ගවේසනය කල හැකිය..

මොකක්ද මේ සයිඩ් ස්කෑන් සෝනාර්(Side-Scan Sonar) කියන්නේ ?

මෙමගින් හැදින්වෙන ක්‍රමයෙන් මුහුදු පතුලත ස්වභාවය හා ගැබුර ගැන තොරතුරු ලබා ගැනීමයි.. නෞකාවක පිටිපස ඇට වූ උපකරණ පද්ධතියකින් ලබා දෙන ධ්වනි තරංග මුහුදු තුල ගමන් කිරීමට ගත වන කාලයත්, පරාවර්තනය වීමට ගතවන කාලයත් මැනීම මෙහිදී සිදු වේ..

ප්‍රබල තරංගයකින් හැගෙන්නේ මුහුදු පතල තද බවයි.. එහි ඝන වූ ලාවා නැත්නම් ගල් හෝ තද බොරළු ඇති බවයි..

දුර්වල තරංගයකින් හැදින් වෙන්නේ මුහුදු පතුලා සාපේක්ෂව මෘදු බවයි..ඒ තැන වල රොන් මඩ හෝ වැලි තිබිය හැකිය..
image


සයිඩ් ස්කෑන් සෝනාර්(Side-Scan Sonar) හැරුණු විට මුහුදු පත්ලේ තොරතුරු ගවේෂණය කල හැකි ක්‍රමයකි මල්ටි බීම් සෝනාර්(Multibeam Sonar) වේ. මෙහිදී සෝනාර් උපකරණ මුහුදු පතල ආසන්නයෙන් සවි කර ධ්වනි ගමන් කරමින් මුහුදු පත්ලේ සියුම් විෂමනතාවයන් හදුනාගෙන සිතියම් කල හැකිය. තවත් සමහර අවස්ථාවක මුහුදු පත්ලේ ඉහල ස්ථානයක උපකරණ රදවා මල්ටි බීම් සෝනාර්(Multibeam Sonar) ක්‍රමය ක්‍රියාත්මක කරයි. එවිට ලැබෙන්නේ සියුම් විෂමතාවයන් නොවේ. රදවන තැනින් මුහුදු පත්ලේ සිට එතනට ඇති දුර සිතියම් කිරීමයි...

image


උපුටා ගැනුම මගේ බ්ලොග් අඩවිය....
ලංකාවේ අපේ අදහස්

Viewing all articles
Browse latest Browse all 10288

Trending Articles



<script src="https://jsc.adskeeper.com/r/s/rssing.com.1596347.js" async> </script>